Thu03282024

Last update11:47:46 am

Font Size

Profile

Menu Style

Cpanel
Back புதிய ஜனநாயக மக்கள் முன்னணி ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රේම කිරිමත්, මානව අයිතිවාසිකම් ඉල්ලීමත් වැරදීද? ( இலங்கையில் ஜனநாயகத்தை நேசிப்பதும், மனிதவுரிமையைக் கோருவதும் குற்றமா!?)

ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රේම කිරිමත්, මානව අයිතිවාසිකම් ඉල්ලීමත් වැරදීද? ( இலங்கையில் ஜனநாயகத்தை நேசிப்பதும், மனிதவுரிமையைக் கோருவதும் குற்றமா!?)

  • PDF

ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් දිනයේදී ලලිත් කුමාර්, කුහන් මුරුහන් යන දෙදෙනාම පාතාල කල්ලිය විසින් පැහැර ගෙන අතුරුදන් වි ඇත.  ඔවුන් වහාම නිදහස් කල යුතු බව නව ප්‍රජාතන්ත්‍රරවාදි ජනතා පෙරමුණ ඉල්ලා සිටි. ඔවුන් දෙදෙනාම නිදහස් කිරිම සදහා දිපව්‍යාප්තව ක්‍රියාත්මක කරන සියළුම සටන්වලට තමාගේ සහය පල කරයි.

යාපනයේදී දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදී සිටින ජනතාවන්, සටන් සංවිධානවල යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත්කුමාර් වීරරාජු සහ ඔහු සමග ගිය කුහන් මුරුගන් යන දෙදෙනාම අතුරුදන්වි ඇත.

 

 

මෙම රජය පැසිස්වාදයට එහා ගිය වෙනත් ක්‍රියාවකි. මෙ දක්වා රාජය හමුදා ඔවුන්ගේ සහකරුවන්  වු දමිළ ද්‍රෝහි කණ්ඩායම් සහ උතුරු සහ නැගෙනහිරේ තමාගේ පැසිස්වාදය මගින් දමිළ ජනතාවගේ බෙල්ල හිර කර ගෙන ආවේය. මෙ මගින් දමිළ ජනතාවන්ගේ අයිතිවාසිකම් සදහා වු සටනටත් රජයේ යන්ත්‍රයටත් විරුද්ධව ඇති වු පිබිදිම වළක්වන ලදි.

2009 වර්ෂයේ මහ ජාතියේ විනාශ කිරීමේ යුද්ධය අවසන් විමෙන් පසු නිරායුධව ජනතාවන්ගේ සුභ සිද්ධිය සදහා තමාගේ කථා කිරීමේ අයිතිය  සහ ලිවිමේ අයිතිය නැතිකොට යටපත් කිරීමට විරුද්ධව සටන් කිරීමට උත්සුක වු සිය ගණන්  මාධ්‍යවේදීන්, සමාජ සුභසාධන සටන්වාදින් වාමාංශික දේශපාලන විචාරකයෙන් රටින් පිටුවහල් කර ඇත. පැසිස්වාදයෙන් රජය මරා දැමු මොවුන්ගේ විශාල පිරිසත් දමිළ අය වේ.

සිංහල ජනතාවන් හිරකිරීමේ ක්‍රියාදාමය යුද්ධයෙන් පසු ජය සැමරුම් සමග ලංකාව නැවත රග දක්වයි. දමිළ පටුදේශියවාදින් හමුදා පිළිබදවත්,  රජය පිළිබදවත්ල කථා කරන ලද ජාතිවාදි කාරණාවන් සියල්ලක්ම අද බොරුවි ඇත.

අද ලංකාවේ ඒකාධිපතිවාදි තත්වය ද මෙය වේ. මෙය ප්‍රතික‍්‍ෂේප කිරීම හෝ නොදැක සිටිමත්  බොරු දේශපාලන පමණක් නොව් මෙයට සහය දැක්විම නිසා අතුරුදන් වු අය වෙනුවෙන් සටන් කරපු අය  ද අද අතුරුදන් වේ. මෙම ඒකාධිපතිවාදි තත්වයට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදය” නිදහස”  යන ඒවා මේ වාතාවරණය  තුල සියල්ලක්ම වසා දමන හිස් වචන බවට පත්වි ඇත.

ලංකාවේ සෑම නීති ක්‍රියාදාමයන් තුල හිර කරන තත්ත්වය තුල සාමාන්‍ය මානව අයිතිවාසිකම් ඉදිරියට රැගෙන යෑම ජීවිතය මරණයට ලක්වන ලෙස වෙනස් වි ඇත.

ජාතිය වැනසීමේ දී අතුරුදන් වු දමිළ පිරිස වෙනුවෙන් සටන් කරන සිංහල පිරිසක් ද අද අතුරුදන් වීමට පටන් ගෙන ඇත. මෙ ලෙස නැවත අතුරුදන් වීම් තවත් නව පරිණාමයක් වේ.

දමිළ සිංහල යන භේදයෙන් ජනතාව වෙන් කොට ගට්ටනයක් ඇති කිරීමට කැමැති වන දමිළ – සිංහල ජාතින්වාදි මධ්‍යයයේ ජාතින් අතර එක්සත්ව ඉදිරිපත් වි සටන් කරන  අයට ඉලක්ක තබා ඔවුන්ව මර්ධනය කිරීමට ද  පටන් ගෙන ඇත.

භාරවු අය  සහ විමර්ශනය යන නමින් අරන් ගිය සහ නොහදුන පිරිස විසින් පැහැර ගත් අය දහස් ගණන් දමිළ පිරිස පසු ගිය කාලයේදී අතුරුදන් විය. මොවුන් සොයන ඥතින්ගේ  සටන් මර්ධනය කරන අතර මෙය නොතකා සටන් කරන අයව විනාශ කර මර්ධන කරන අතර රජයේ ත්‍රස්තවාදය උස්සන්න වී ඇත.

යාපනයේ පාරට පාරක්  හන්දියට හන්දි ගානේ යුද හමුදාව ස්ථාපිත කරන රජය සාමාන්‍ය පොදු සිදුවීම්වලට ද අත ගසන ත්ත්වයක් උදා වි ඇත. සටන් කරන අය අතුරුදන් වෙති මෙසේ අතුරුදන් වන හමුදා කදවුරුවල ඇති නිති විරෝධි වදකාගාරවල තබා ඔවුන්ගේ ඉරණම තීරණය කරති.

රජයේ ත්‍රස්තවාදි වාතාවරණය තුල ජනතාව මල මිනිසුන් ලෙස ජීවත් වෙතිග අඛණ්ඩව සිදු කරන මානවහිමිකම් උල්ලඝණය වැසීමට ගත් මාර්ගය වේ. සටන් කරන අයව නැති කිරීමේ මග ද වේ. ජාති ආගම් භේද නොමැතිව රජයට විරුද්ධව විමර්ශන කරන්නන්ට ශ්‍රි ලංකා දේශපාල රගහලේ ඉවත් කිරීමට අදාල සියළු මාර්ගයෙන් පැසිටිවාදි වු ශ්‍රි ලංකාව අත්හදා බලයි.

පැසිස්වාද රජය විවිධ අවස්ථාවල කෘර විමෙන් අත්විදු  අපේ සහෝදර ජාතින් ශ්‍රී ලංකා රජයේ කෘරත්වය නැවතත් විදීමට ලක් වි ඇත. මෙහි ආරම්භය ලෙස මෙම වර්ෂයේ ජුනි මාසයේ හමුදාව විසින්  දියත් කරන ලද කම්කරු අයිතිවාසිකම් සදහාම සටන් කල කම්කරු රෝෂෙන් චානුකගේ කෘර මරණය සහ විශාල ලෙස මුදල් උපයන ව්‍යාපාරික සහෝදරයන්ට විරුද්ධව අනතුරු ඇතිවීම ද වේ. රෝෂෙන් චානුකගේ මරණය පසුපස වු සටන්ල සිංහල ජනතාවන් අතර නව පිබිදිමක් ඇති කර තිබේ.

මෙ දක්වා කාලය තුල හමුදාව යනු කොටි මර්ධනය කරන සිංහල දේශභක්ති හමුදාවක් වශයෙන් විශ්වාසයට පාත්‍ර වී තිබුනි. ඒ බව සිංහල ජනතාව තමාගේ පෞද්ගලික ක්‍රියාදාමයක් තුලින් දැන ගැනීමට හැකි විය. මෙය ඔවුන් පෞද්ගලික අත් දැකිම් තුලින් තමා විසින් අවබෝධ කර ගන්නා මිසක්  පටු දමිළ දේශය මේ පිළිබද ඔවුන්හට අවබෝධය ලබා දීමට අපොහසත් විය. තවද දමිළ පටු දේශයට අයත් දමිළ ජනතාවන් විශ්වාස කර සේම මෙය සිංහල හමුදාව නොමේ යන බව ජනතාවන්ට සනාථ කිරීමට උත්සාහ කරයි.

පටු දමිළ දේශිය ඒ තරමට දමිළ ජනතාව මෝඩ තත්වයට පත් කර ඇත. කම්කරු සටන මර්ධනය කරන හමුදාවන්ගේ සියළු මායාවන් එළි වි ඇත.

ලලිත් කුමාර් සහ මුරුගන් දෙදෙනාම වහා නිදහස් කරනු!

ජනතාවන්ගේ නීතිමය ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය අනුමත කරනු!
රජයේ පැසිස්වාදි ත්‍රස්තවාදය ඉවත් කරනු!
යුධ පාලනය ඉවත් කරනු! නිතීයේ පාලනය ගෙන එනු!
සිවිල් සමාජයේ යටිතල පහසුකම් ගෙන එනු!
අතුරුදන් වුවන් ගැන විවෘත විමර්ශයට අවසර දෙනු!
රැදවුම් කරුන්ගේ නාම ලේඛණය එළි කරනු!
නීති විරෝධි  රැදවුම් කරුන්ව නීතිය ඉදිරියට ගෙන එනු!
වදකාගාරය වසනු!
පාතාල කල්ලි සියල්ලම අත් අඩංගුවට ගනු!
පතාල දේශපාලන පක‍ෂ තහනම් කරනු!

නව  ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ
2011. 12. 13

இலங்கையில் ஜனநாயகத்தை நேசிப்பதும், மனிதவுரிமையைக் கோருவதும் குற்றமா!?

Love of Democracy and Securing Human Rights, Are these an Offence in Sri Lanka?